නොගෙවූ වි. බිල්පත:නාමල්ගේ පාර්ශ්වයෙන් ලිපියක්..

නොගෙවූ විදුලි බිල්පතක් ගැන පෙන්වා ඇති කරුණු පිළිබඳව නාමල් රාජපක්ෂගේ පාර්ශ්වයෙන් ලිපියක්..

by Staff writer 05-08-2023 | 6:34 AM

COLOMBO (News 1st) – විදුලි බල මණ්ඩලය මගින් නිකුත් කර ඇති ලිපියක් මගින් නොගෙවූ විදුලි බිල්පතක් සම්බන්ධයෙන් පෙන්වා ඇති කරුණු පිළිබඳව නාමල් රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් ලිපියක් නිකුත් කර තිබේ. 

ඒ ලිපිය යොමුකර තිබෙන්නේ නාමල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා විසින් ය.

අදාළ ලිපිය යොමුකර තිබෙන්නේ, ලංකා විදුලිබල මණ්ඩල සභාපතිවරයා වෙතටයි.

එමගින් විමසා තිබෙන්නේ ලංකා විදුලි බල මණ්ඩලය මගින් නිකුත් කර ඇති බවට සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වන ලිපියට අනුව විදුලි බිල්පතක් ඉදිරිපත් කර තිබේද යන්න පිළිබඳවයි.

එසේ බිල්පතක් ඉදිරිපත් ඇත්නම් එය කාගේ නමින් කුමන දිනයක කුමන ලිපිනයක් සඳහා යොමුකර ඇද්ද යන්න සඳහන් කරන්නැයි ද අදාළ බිල්පතෙහි නිවැරදි තොරතුරු ලබාදෙන්නැයිද අදාළ ලිපියෙන් නාමල් ජාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ඉල්ලා තිබේ.